ජපානයේ ටෝකියෝ නගරයට නුදුරින් ඉබරාකි පළාත භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.1 ක් ලෙසය.
භූමි කම්පාවෙන් අනතුරු කිසිවක් සිදු නොවිණි. කෙසේ නමුත් භූමි කම්පාව හටගනිද්දී, බොහෝ දෙනා බියට පත්වුණු බව පැවැසෙයි. ඒ, පසුගිය දිනෙක ජපාන භූ විද්‍යාඥයන් කර තිබුණු බිහිසුණු අනතුරු ඇඟවීමක් නිසාය.
භූ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබුණේ නුදුරු දිනක ජපානය රික්ටර් පරිමාණයේ ඒකක 10 ට වඩා වැඩි ප්‍රබලත්වයක භූමි කම්පාවකින් කැලඹීමට ඉඩ ඇති බවය.