ජපානය යළිත් වරක් සංචාරකයන්ට ඇරේ


‘කොවිඩ් 19’ තහංචි හේතුවෙන් වසර දෙකහමාරක් තිස්සේ වසා දැමුණු දේශසීමා සංචාරකයන් සඳහා විවෘත කිරීමට ජපාන රජය පියවර ගත්තේය.

ඒ අනුව, පළමු සංචාරකයන් ලෙස ජපානයට පැමිණියේ ඊශ්‍රායල, ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් පිරිසක් යැයි ජපාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඔවුන් වෙනුවෙන් ටෝකියෝ ගුවන්තොටුපොළේ විශේෂ පිළිගැනීමක් ද සංවිධානය කර තිබුණු බව ද පැවැසෙයි.

(රොයිටර්)