ජපානයේ දකුණු දිග වෙරළ තීරය රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. ඒ සමඟම වෙරළාශ්‍රිත ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි.
භූමි කම්පාව හටගත්තේ කියුෂී දූපතට ඔබ්බෙන් මුහුදේ කිලෝ මීටර් 30 ක් ගැඹුරු පතුළේය. භූමි කම්පාවේ බලපෑම් එල්ල වූයේ නිචියැං සිටී සහ මියසාකී යන නගරවලටය.
(බීබීසී)