ජපානයේ ටෝකියෝ සහ තවත් ප්‍රදේශ කිහිපයකට පනව තිබෙන ‘කොවිඩ්-19’ හදිසි සීමා තවදුරටත් දීර්ඝ කරන බව එරට බලධාරීහු අද (9) ප්‍රකාශ කළහ.
එම සීමා මේ මාසය අවසන් වනතුරු දීර්ඝ කරන බවත් රෝහල් ගත වන වයිරස ආසාදිතයන්ගේ ගණන අඩු කිරීම එහි ප්‍රධාන අරමුණ බවත් ජපාන බලධාරීිහු කීහ.
කොවිඩ්-19 පාලන සීමා දැන්ම ම ලිහිල් කිරීම සුදුසු නැතැයි ද ඔවුහු පැවැසූහ.
ජපානය මේ වනවිට ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ පස්වැනි රැල්ලකට මුහුණ දී සිටියි. ජපානය ඉකුත් මාසයේ දී සැප්තැම්බර් මස 12 වැනිදා දක්වා දැඩි සීමා පැනවී ය. මෙලෙස දීර්ඝ කර ඇත්තේ එම සීමා ය.
මෙම සීමා ජපානයේ ජනගහනයෙන් සියයට 80ක බලපා යි.
නව තීරණ සමඟ මෙම සීමා සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා ක්‍රියාත්මක වනු ඇත.
(රොයිටර්)