ජර්මනියේ වෙඩි තැබීමකින් 6 ක් මරුට


ජර්මනියේ හැම්බර්ග් නුවර සිදුවුණු වෙඩි තැබීමකින් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

වෙඩි තැබීම කළ තැනැත්තා ද මියගිය බව පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

වෙඩි තැබීම සිදුවී ඇත්තේ, Deelböge වීදියේය. Deelböge වීදිය පිහිටා ඇත්තේ Gros Borstel දිස්ත්‍රික්කයේ බව ද පැවැසෙයි.

වෙඩි තැබීම සිදු කළේ කවුරුන්ද? කුමන හේතුවක් නිසාද? යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.

(බීබීසී)