ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ජිමී කාටර්, වසරක් තිස්සේ, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව පැවැසෙයි.
99 හැවිරිදි ජිමී කාටර්, අයහපත් සෞඛ්‍යය හේතුවෙන්, රෝහල්ගතව සිටින්නේ පසුගිය 2023 වසරේ පෙබරවාරි 18 වැනිදා සිටය. ඔහු 99 වැනි උපන් දිනය සැමරුවේ පසුගිය ඔක්තෝබර් මාසයේය.
ජිමී කාටර් ඇමෙරිකාවේ 39 වැනි ජනාධිපතිවරයාය. 2015 දී ඔහු පිළිකා රෝගියකු බව අනාවරණය වුවත්, සාර්ථක ප්‍රතිකාරවලින් පසු පිළිකාව පරාජය කළ බවත් පැවැසෙයි.
රෝහලෙන් පිටවී, තම නිවසට ගොස් අවසන් කාලය පවුලේ ආදරණීයයන් සමග ගත කිරීමට ජිමී කාටර් තීරණය කර ඇතැයි ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)