ජිල් බයිඩන්ට ආයෙත් කොරෝනා


ඇමෙරිකා ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් දෙවැනි වරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගෙන තිබේ.
71 හැවිරිදි ජිල් බයිඩන් ට පළමු වරට ‘කොවිඩ් 19’ ආසාදනය වූයේ පසුගිය අගෝස්තු 15 වැනිදාය. ඉන්පසු ඇය වෛද්‍ය අධීක්ෂණය යටතේ ධවල මන්දිරයේ නිරෝධායනයට ලක්වූවාය.

පසුගිය 22 වැනිදා ජිල් බයිඩන්, ඇන්ටජන් පරීක්ෂණයකට යොමු කළ අතර එහිදී ඇය ආසාදිතයකු නොවන බව තහවුරු විය. ඇය දෙවැනි වරට ආසාදිතයකු බව තහවුරු වූයේ ඊයේ (24) සිදු කළ ඇන්ටජන් පරීක්ෂණයෙනි.

ජිල් බයිඩන්  පළමු සහ දෙවැනි ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා පමණක් නොව, තෙවැනි සහ සිවුවැනි බූස්ටර් එන්නත් මාත්‍රා ද ලබා ගෙන සිටින බව ධවල මන්දිරය පවසා තිබේ.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ද මේ අයුරින් එක ළඟ ‘කොවිඩ් 19’ ආසාදිතයකු විය. ඒ, ජිල් බයිඩන්, ආසාදිතයකු වීමට පෙරය.

(රොයිටර්)