ජෙරමි රීනර්ට අකරතැබ්බක්


හොලිවුඩ් නළු ජෙරමි රීනර් අනතුරකින් බරපතල තුවාල ලැබුවේය. රීනර් සිය නිවස ඉදිරිපිට හිම තට්ටු ඉවත් කරමින් සිටිද්දී, හිම තට්ටු ඉවත් කිරීමේ ස්නෝව් කැට් යන්ත්‍රයට යටවී තිබේ. එම අවස්ථාවේදී රීනර් සිට ඇත්තේ තනිවම බව ද පැවැසෙයි.

රීනර්ගේ එක් පාදයක් යන්ත්‍රයට හසුවී තුවාල වී ලේ ගලන්න වූ බව ඩේලිමේල් වෙබ් අඩවිය පළ කළ වාර්තාවක දැක්වෙයි. ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් රීනර් රෝහලට ඇතුළත් කළ බවත්, පාදයට හොඳටම තුවාල වී ඇති බවත් පැවැසෙයි.

රීනර්ගේ තත්ත්වය බරපතල වුවත් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇත.

නිවස ඉදිරියේ හිම ඉවත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ, ඒ බව සිය රසික රසිකාවියන්ට දැනුම් දෙමින් රීනර් සමාජ මාධ්‍ය හරහා පෝස්ටුවක් ද පළ කළේය.

51 හැවිරිදි රීනර්, 'ද හාට් ලොකර්', 'ටවුන්' ආදී හොලිවුඩ් සිනමා නිර්මාණ හරහා රසික හදවත් දිනා ගත්තේය.

ඔහු ලොව පුරා ජනප්‍රිය චරිතයක් බවට පත් වුයේ මාවල් ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවේ 'හෝක් අයි'ගේ චරිතය නිරූපණය කිරීමෙනි.

ජෙරමි රීනර්ගේ නවතම රූපවාහිනී කතා මාලාව වන්නේ 'මේයර් ඔෆ් කිංග්ස්ටවුන්' ය. මෙය මේ වනවිට විකාශනය ආරම්භ කර තිබේ.

(ඩේලිමේල්)