වත්මන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ඇමෙරිකාවේ රාජ්‍ය සතුරකු යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි.
හිටපු ජනාධිපති ට්‍රම්ප් මෙසේ පැවැසුවේ පෙන්සිල්වේනියාවේ පැවැති ජන රැලියක් අතරතුරේය. ට්‍රම්ප් චෝදනා නගන්නේ, තමන් දේශපාලනික වශයෙන් පළිගැනීම්වලට ලක්වන බවත්, ඒ සියල්ල සිදුවන්නේ වත්මන් ජනාධිපති බයිඩන්ගේ අනුදැනුම මත බවත්ය.
ජෝ බයිඩන් ඇමෙරිකානුවන්ගේ නිදහස ඇමෙරිකානුවන්ට අහිමි කර ඇතැයි ද ජන රැලිය අමතමින් ට්‍රම්ප් පැවැසීය.
පසුගිය අගෝස්තු 8 වැනිදා, එෆ්.බී.අයි. පරීක්ෂකවරු ට්‍රම්ප්ගේ ෆ්ලොරීඩා හි පිහිටි ‘මා අ ලාගෝ’ මන්දිරට කඩා වැදී මන්දිරය සෝදිසි කළහ. එම අවස්ථාවේදී, ‘යුක්තියට බාධා’ වන ආකාරයේ ලියකියවිලි රැසක් සොයා ගෙන ඇතැයි ඇමෙරිකන් නීති දෙපාර්තමේන්තුව පැහැදිලි කර තිබේ.
එෆ්.බී.අයි. පරීක්ෂකවරුන්, හදිසියේ තම මන්දිරයට කඩා වැදී එය සෝදිසි කිරීම ට්‍රම්ප්ගේ දැඩි අප්‍රසාදයට හේතුවක් විය. ඔහු එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් විවේචනය කළ පළමු අවස්ථාව මෙයයි.
එෆ්.බී.අයි. පරීක්ෂකවරුන් කළ එම සෝදිසි කිරීම නීත්‍යාණුකූල නොවන බවට ද ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් දිගින් දිගටට පවසා ඇත්තේ, දේශපාලනික වශයෙන් තමන්ට එල්ල වුණු කෙණෙහිලිකමක් බවය.
(ඒ.එෆ්.පී.)