ජෝ බයිඩන්ගෙන් රුසියාවට සම්බාධක


රුසියාවට නව සම්බාධක පැනැවීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අත්සත් තැබීය.

එම සම්බාධක පැනැවීමත් සමඟ ඇමෙරිකාවේ රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 10 දෙනකු එරටින් නෙරපා දැමීමට ද ඇමෙරිකන් රජය පියවර ගත් බව වාර්තා වේ.

ජෝ බයිඩන්, රුසියාවට මෙසේ සම්බාධක පැනැවීමක් කළේ, පසුගිය 2020 ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට රුසියන් පරිගණක හැකර්වරුන් උත්සාහ ගත්තේ යැයි ඇමෙරිකන් බුද්ධි අංශ කළ අනාවරණයෙන් පසුවය.

‘රුසියාව සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීමට ඇමෙරිකාවට අවශ්‍යයි. ඒත් රුසියාව වැරදි දෙයක් කරන්නේ නම්, ඊට එරෙහි වීමටත්, විරෝධය පළ කිරීමටත් ඇමෙරිකාව පසුබට වන්නේ නැහැ. සම්බාධක පැනැවීමක් කළේ ඒ අනුවයි’ යැයි ධවල මන්දිරය පවසා ඇත.

පසුගිය අප්‍රේල් 13 වැනිදා ඇමෙරිකා ජනාධිපති බයිඩන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර දුරකතන සංවාදයක් පැවැත්විණි. එහිදී ද තමන් රුසියාවට එරෙහිව සම්බාධක පැනැවීමක් සිදු කිරීමට බලාාපාරොත්තු වන බව ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පවසා තිබේ. එම දුරකතන සංවාදය ඉතා සුහඳශීලී එකක් වුණු බව ධවල මන්දිරය පවසා තිබුණි.

වොෂින්ටනයේදීය (රොයිටර්)