ඇමෙරිකාවේ මිනසෝටාහි මිනියාපොලිස් නගරයේ පොලිස් නිලධාරියෙකුගේ අමානුෂික ක්‍රියාකලාපය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළුජාතිකයාට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා එරට සිදුකෙරෙන සිවිල් උද්ඝෝෂණ තවදුරටත් ක්‍රියාත්මක වන අතරවාරයේදී එම සිදුවීමට සම්බන්ධ සියලුම පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට ඇමෙරිකා පොලිසීය මේ වනවිට පියවර ගෙන තිබේ.
අමෙරිකානු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් නිරායුධ කළු ජාතිකයෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක්කර සිටින පොලිස් නිලධාරීන් සිව්දෙනාට එරෙහිව මෙම චෝදනා ගොනුකර තිබේ.
ඝාතනය සිදුකළ පොලිස් නිලධාරියාට අධි චෝදනා ගොනුකර ඇති අතර සෙසු නිලධාරීන් තිදෙනාට ඊට ආධාර අනුබල දීම යටතේයි චෝදනා ගොනුකර ඇත.
මේ අතර ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා එරට සිදුකෙරෙන සිවිල් උද්ඝෝෂණ තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
මේ විරෝධතා පැවැත්වෙන්නේ පනවා ඇති ඇඳිරි නීතිය ද නොතකමින් වීම විශේෂත්වයකි .
කළු ජාතිකයින්ට අඩු සැලකිලි තිබූ අමෙරිකාවේ, දෛවෝපගත ලෙස ජනපති මන්දිරයට පිවිසි එරට පළමු කළු ජනාධිපතිවරයා වන බරක් ඔබාමා ඊයේ විරෝධතාකරුවන් ආමන්ත්‍රණය කිරීමට කටයුතු කළා.
කොවිඩ් ව්‍යාප්තියේදී මෙන්ම විරෝධතා පාලනයේදී ද කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රබල විවේචන එල්ල වෙමින් පවතියි.
මේ අතර අමෙරිකානු කළු ජාතිකයා ඝාතනයට ලක්වීමේ සිදුවීම පාදක කරගෙන මේ වනවිට වර්ණභේදවාදයට එරෙහිව ලොව පුරා රටවල් රැසක විරෝධතා ක්‍රියාත්මකයි.
( ගාඩියන් ඇසුරෙනි )
125