ටයිටැනික් නැවේ අනුරුවක්


ටයිටැනික් නැව ප්‍රතිනිර්මාණය කිරීමට ඔස්ට්‍රේලියානු ජාතික ක්ලයිව් පාර්මර් නම් බිලියනපතියා සූදානම් වෙයි. ටයිටැනික් 2 යනුවෙන් නම් කෙරෙන මෙම නැව, 2027 දී සදම්ප්ටන් වරායේ සිට නිව්යෝර්ක් බලා යාත්‍රා කරවීමට ද නියමිතය.

1912 වසරේ, ටයිටැනික් නැවේ ගමන් මඟ වූයේ ද සම්ප්ටන් වරායේ සිට නිව්යෝර්ක් දක්වාය. එහෙත්, කිසිදා ගිල්විය නොහැකි යැයි පැවසූ සුඛෝපභෝගී ටයිටැනික් නැව පුද්ගලයින් 1500 කට මරු කැඳවමින් 1912 වසරේ අප්‍රේල් 15 වැනිදා අත්ලාන්තික් සාගරයේ ගිලී ගියේ අයිස් කුට්ටියක ගැටීමෙනි.

ටයිටැනික් 2 නිර්මාණය සඳහා සැලැසුම් සකස් කෙරුණේ මීට අවුරුදු 10 කට පෙර යැයි ද පැවැසෙයි.තට්ටු නවයකින් යුත් ටයිටැනික් 2 ඉදිකිරීමට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 500 ත් බිලියනයත් අතර මුදලක් වැය වෙයි. මගීන් 2,345 කට ඉඩකඩ ඇති මෙම නෞකාවේ මංගල ගමන සඳහා පළමු පන්තියේ මැදිරිවලින් අඩක්ම මේ වන විටත් අලෙවි වීම විශේෂත්වයකි.