ට්විටර් ලාංඡනය වෙනුවෙන් මුදල් අය කෙරේ


එළඹෙන සතියේ සිට ට්විටර් ගිණුම් සඳහා ලබා දෙන තහවුරු කිරීමේ නිල් පාට ලාංඡනය සඳහා ඇමෙරිකානු ඩොලර් 8 ක මුදලක් මාසිකව අය කිරීමට එම සමාගම තීරණය කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දැනටමත් තහවුරු කිරීමේ නිල් පාට ලාංඡනය ඇති ගිණුම් සඳහා සහන කාලයක් හිමිවන බවත් සහන කාලයෙන් පසු ඩොලර් 8 ක මුදල ගෙවීමට එම ගිණුම් හිමියන්ට සිදුවන බවත් ගෙවීමට අකමැති ගිණුම් හිමියන්ගේ ලාංඡන ඉවත් කිරීමට සිදුවන බවත් ට්විටර් සමාගමේ ආරංචි මාර්ග පැවසුවේය.

දැනට මසකට ඇමෙරිකානු ඩොලර් 4.99 ක මුදලකට තහවුරු කිරීමේ නිල් පාට ලාංඡනය හිමි ගිණුම් සඳහා ලබා දී ඇති සංස්කරණය කිරීමේ පහසුකම සියල්ලටම නොමිලේ ලබා දීමට ට්විටර් සමාගම තීරණය කර ඇති බව පැවසෙයි.

ට්විටර් සමාජ මාධ්‍ය ජාලය තුල ස්පෑම් ගිණුම් අඩු කිරීමේ අරමුණින් මෙම තීරණ ගෙන ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.එසේම ට්විටර් සමාගමේ සේවකයන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉවත් කිරීමටද මස්ක් සූදානම් වී සිටින බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.

(රොයිටර්)