ට්‍රම්ප් - කමලා අවසන් ජන රැලි අමතයි


ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් මේ වනවිට ඔවුන්ගේ අවසන් ජන රැලිවලට එක් වෙමින් සිටිති.

තමන් නොවැම්බර් 5 වැනිදා ජනාධිපතිවරණය ජයගතහොත්, ඇමෙරිකානු බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් සිය පරිපාලනය තුළ විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මෙසේ පැවැසුවේ ඇට්ලන්ටා හිදී පැවැති ජන රැලිය අමතමිනි.

ඩිමොක්‍රොටික් පක්ෂ ජනාධිපතිධුර අපේක්ෂක, වත්මන් උප ජනපති කමලා හැරිස් එක්ජ වූයේ මිචිගන් නුවර ජන රැලියකටය. 

එහිදී ඇය පෙන්වා දුන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් වඩාත් අස්ථාවර බව පෙනෙන්ට ඇති බවය.

ට්‍රම්ප් යළි ජනාධිපති වුවහොත් ඇමෙරිකානුවන්ට ඵලවිපාක රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද කමලා හැරිස් පෙන්වා දුන්නාය.