ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන අතර ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් ඊට ඉදිරිපත් වන හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරින්, ට්‍රම්ප් මේ වනවිට ඉදිරියෙන් පසුවන බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි.
ඇමෙරිකාවේ ප්‍රධාන පක්ෂ දෙක වන්නේ ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂයයි. මෙම පක්ෂ දෙකට ලියාපදිංචි වූ පාක්ෂිකයන් සිටින අතර, ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත සහ සියේනා විශ්ව විද්‍යාලය සමඟ එක් වී, ඔවුන්ගෙන් අදහස් විමසා ජනමත සමීක්ෂණයක් පවත්වා ඇත.
එම ජනමත සමීක්ෂණය අනුව ට්‍රම්ප්ට සියයට 48 ක් කැමැත්ත පළ කර ඇති අතර කමලා හැරිස්ට කැමැත්ත පළ කර ඇත්තේ සියයට 46 ක් පමණි. මේ අතර, ට්‍රම්ප් පවසා ඇත්තේ බයිඩන්ට වඩා කමලා හැරිස් ජනාධිපතිවරණයේ දී පරාජය කිරීම තමන්ට පහසු වනු ඇති බවය.
උප ජනාධිපතිනී කමලා හැරිස්, ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කළේ ජනපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වුණු වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ය.
ඩිමොක්‍රටික් පක්ෂයේ බොහෝ දෙනා කමලා හැරිස්, නොවැම්බර් ජනාධිපතිවරණයේ ජනාධිපති ධුර අපේකෂිකාව ලෙස පිළිගැනීමට කැමැත්ත පළ කර ඇති නමුත්, පක්ෂය ඇතුළෙන් ඇයට විරෝධය දක්වන ඇතැමුන් ද සිටින බව පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)