නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වූයේ නම්, තමන්ට ට්රම්ප් පරාජය කිරීමට හැකියාව තිබුණු බව ධුරයෙන් සමුගැනීමට සූදානමින් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
බයිඩන් මෙසේ පැවැසුවේ, ‘යූ.එස්.ඒ ටුඩේ’ පුවත්පතේ, සූසන් පේජ් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. එම සම්මුඛ සාකච්ඡාවේදී බයිඩන් සිය ජනාධිපති ධුර කාලයේ ගත් තීන්දු තීරණ සම්බන්ධයෙන් අතීතාවර්ජනයක් කළේය.
පසුගිය නොවැම්බරයේ පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයට ට්රම්ප් සමඟ තරග කිරීමට නියමිතව සිටියේ ට්රම්ප් සහ බයිඩන්ය. කෙසේ නමුත් 82 හැවිරිදි බයිඩන්ට, ඔහුගේ වයස හරස් විය. එහෙයින්, බයිඩන් ජනාධිපතිවරණයෙන් ඉවත් වූයේ ඔහු වෙනුවට, උප ජනාධිපතිනී කමලා හැරිස් ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කරමිණි. ජනාධිපතිවරණයේ දී කමලා හැරිස් පරාජය කරමින් ට්රම්ප් විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය.
(ඒ.එෆ්.පී.)