ට්‍රම්ප් පිළිගන්න ඉන්දියාව සූදානම්


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (24) ඉන්දියාවේ සිය පළමු නිල සංචාරය සිදුකිරීමට නියමිතව ඇත.

මෙලනියා ට්‍රම්ප් මහත්මියද සංචාරයට එක්වීමට නියමිතව ඇති අතර පැය 36 ක කාලයක් ඉන්දියාවේ ගතකරනු ඇත. 

ආසන 10,000 කින් සමන්විත ලොව විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කිරීම සහ ටජ් මහල් මන්දිරය නැරඹීමටද යුවල සහභාගී වීමට නියමිතය.

බටහිර ඉන්දියාවේ අහමබාද් සිට නව සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය දක්වා මාර්ගයේ කඩිනමින් තාප්පයක් ඉදිකරන අතර මුඩුක්කු නිවාස වසා දැමීම සඳහා එය ඉදිකරන බවට විවේචන එල්ල වෙමින් පවතී.

බොහෝ දෙනා පවසන්නේ මෙය යථාර්ථය සැඟවීම සඳහා නරේන්ද්‍ර මෝදි මහතා දරන උත්සාහයක් බවයි.

ට්‍රම්ප්, මෝදී සහ මෙලනියා ට්‍රම්ප්ගේ රුව රැගත් බැනර් සහ පුවරු විශාල ප්‍රමාණයක් අහමබාද් නගරය පුරා සවිකර තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරයා ගමන් ගන්නා මාර්ගවල කිලෝමීටර් තුනක් ඇතුළත සුනඛයන් සහ වීදි ගවයන් ඉවත්කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා තිබේ.

අහමබාද් ගුවන්තොටුපලේ ධාවන පථයේ කුරුල්ලන් හා වඳුරන් එළවීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. 

ටජ්මහල ආසන්නයේ පිහිටි යමුනා ගඟෙන් දුර්ඝන්දය පිටවීම වැළැක්වීම සඳහා එයට විශාල ජල ප්‍රමාණයක් මුදාහැර ඇතැයි වාර්තා වේ.

දුර්වර්ණය තිබූ ටජ් මහල හුනු පිරියම් කර ප්‍රතිසංස්කරණය කර තිබේ.

(ඒඑෆ්පී ඇසුරිණි - 085)