ට්‍රම්ප් රෝහල්ගත කරයි



 

කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා රෝහල් ගතකර ඇත.

ඔහු ධවල මන්දිරයේ සිට හෙලිකොප්ටර් යානාවක් මගින් වෝල්ටර් රීඩ් රෝහල වෙත ගියබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රෝහලට යෑමට පෙර ඔහු වීඩියෝ පණිවිඩයක් නිකුත් කර තිබූ අතර, එහි තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවට විශ්වාස කරන බව ඔහු සඳහන් කරයි.

තමාට උදව් කළ සියලු දෙනාට ස්තුතිය පළ කරන බව ද ට්‍රම්ප් මහතා පවසයි.

ජනාධිපතිවරයා යහපත් තත්වයෙන් පසුවන බව ධවල මන්දිරයද ප්‍රකාශයක් නිකුත් කර ඇත.  

ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් මහත්මියගේද සෞඛ්‍ය තත්වය යහපත් බව ට්‍රම්ප් මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා වෙතින් පෙන්නුම් කරන රෝග ලක්ෂණ අතර ඔහුට ඉතා අවම මට්ටමකින් උණ රෝගය රෝගය ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

-226
(බීබීසී ඇසුරෙනි)