ඇමෙරිකා ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට තමන් සූදානමින් සිටින බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
රුසියානු ජනාධිපතිවරයා මෙසේ කීවේ, වසර අවසානයේ පැවැති දින ගණනක් තිස්සේ පැවැත්වෙන මාධ්‍ය හමුවේ එක් අවස්ථාවකදීය.
අවුරුදු හතරකින් තමන් ට්‍රම්ප් සමඟ කතා කර නොමැති නමුත් ඔහු සමඟ කතා කිරීමට තමන් ඕනෑම වේලාවක සූදානම් යැයි පුටින් එම මාධ්‍ය හමුවේ දී පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප් දිගින් දිගටම පවසා ඇත්තේ, තමන් ජනාධිපති වූ පසු යුද්ධය පැය 24 ක් ඇතුළත අවසන් කරන බවය. රුසියනු යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් ඉදිරිපත් කරන යෝජනා කෙරෙහි තමන්ගේ අවධානය යොමු වී ඇති බව ද පුටින් පැහැදිලි කර ඇත.