ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩලයේ තවත් දෙදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.
ඔවුන් දෙදෙනා ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ රැලිය සංවිධානය කිරීමට සම්බන්ධ වූ කණ්ඩායමට සම්බන්ධ දෙදෙනකු යැයි ද පැවසේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉකුත් දා ඔක්ලාහෝමා ජනපදයේ ටුල්සා නුවරදී මැතිවරණ රැලියක් පැවැත්වීය. සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොතකමින් හෙතෙම මෙම රැලිය පැවැත්වූ අතර ජනාධිපතිවරයා මාස ගණනකට පසු මැතිවරණ රැලියක් පැවැත්වූ පළමු අවස්ථාව ද එය විය.
එම රැලිය සංවිධානය කළ ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩලයේ හයදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව පසුව තහවුරු වියග ඒ අනුව මේ වනවිට එම රැලිය සංවිධානය කළල ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩලයේ අටදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.
ද ගාඩියන්
(055)