ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ නඩු තීන්දුව ලබන 10 වැනිදා නියම කරනු ඇති බවත්, ට්රම්ප්ට දඩුවම් නියම කිරීමක් සිදු නොවනු ඇති බවත් පැවැසෙයි.
ට්රම්ප්, පසුගිය 2024 වසරේ, අපරාධ චෝදනා 34 කට වරදකරු විය. ට්රම්ප්, ස්ටෝමි ඩැනියෙල්ස් නමැති වැඩිහිටි චිත්රපටවල රංගනයේ යෙදෙන පෝර්න් ස්ටාර් නිළියක නිහඬ කිරීමට ඇමෙරිකන් ඩොලර් 130,000 ක මුදලක් ලබා දුන්නැයි යන චෝදනා සම්බන්ධයෙන් ද ට්රම්ප් වරදකරු විය.
ට්රම්ප් යළි ඇමෙරිකා ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ ලබන 20 වැනිදාය. ඒ අනුව, ට්රම්ප්ට සිර දඬුවමක්, පරිවාස කාලයක් හෝ දඩයක් නියම නොකරන බවත්, කොන්දේසි විරහිත ඔහු චෝදනාවලින් නිදහස් වනු ඇති බවත් පැවැසෙයි.