ට්‍රම්ප්ගේ ව්‍යාපාර ගැන අධිකරණයෙන් තීන්දුවක්


ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපාර සමූහයට එරෙහිව පවරා තිබූ සිවිල් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි. ඒ ට්‍රම්ප්ගේ ව්‍යාපාර සමූහය වංචා සහගතව කටයුතු කර ඇති බව පෙන්වා දෙමිනි.

ට්‍රම්ප් සිය පවුලේ ව්‍යාපාරයේ වත්කම් සම්බන්ධයෙන් අතිශෝක්තියෙන් කරුණු දක්වමින්, විවිධ වරප්‍රසාද ලබාගෙන ඇති බව අධිකරණයේ දී තහවුරු විය.

ඒ අනුව, ඉදිරියේ දී නිව්යෝක් ජනපදයේ ව්‍යාපාර කටයුතුවල නියැලීමේ දී ට්‍රම්ප් සමූහ ව්‍යාපාරයට ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවුනු ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

2024 වසරේ ඇමෙරිකන් ජනාපධිතිවරණය පැවැත්වීමට නියමිතව ඇති අතර, තව එක් ධුර කාලයක් ඉතිරි වී ඇති බැවින්, ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ඊට ඉදිරිපත් වීමට සූදානමින් සිටී.

ට්‍රම්ප්ට විවිධ අපරාධ චෝදනා රැසක් එල්ල වී ඇති අතර, ඒවා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වෙයි. මෙය ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ කටයුතුවලට බාධාවකි.