හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පනවා ඇති 'ට්විටර්' තහනම ඉවත් කරන බව, ට්විටර් සමාගම මිලදී ගත් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසා ඇත.
2021 ජනවාරි 6 වැනිදා එවකට ජනාධිපති ධුරයේ සිටි රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ වොෂින්ටන් අගනුවර පිහිටි 'කැපිටල් හිල්' ගොඩනැගිල්ලට කඩා වැදී පහර දුන්හ.
ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) රැස්වන්නේ ද මෙම 'කැපිටල් හිල්' ගොඩනැගිල්ලේය. එසේ වූයේ පැවැති ජනාධිපතිවරණයෙන් ලැබූ පරාජය ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළ බැවිනි. 2019 නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූයේ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ය.
ට්‍රම්ප් සිය ආධාරකරුවන් උසි ගන්වමින්, කැපිටල් හිල් ගොඩනැගිල්ලට පහර දීමට ඔවුන් යොමු කළේ ටිව්ටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ නිකුත් කරමිණි. 2021 ජනවාරි 6 වැනිදා ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට කළු පැල්ලමක් එක්වුණු දිනයක් ලෙස සැලකෙයි.
ජනතාව උසි ගැන්වීම සහ ඔවුන් කුපිත කිරීම සම්බන්ධයෙන් 'ටිවිටර්' සමාගම ට්‍රම්ප්ට තහංචි පැනැවූයේ ට්‍රම්ප්ගේ ටිවිටර් ගිණුම් අත්හිටුවමිනි. 'ටිවිටර්' ගිණුම අත්හිටුවූ බැවින් ට්‍රම්ප් ඔහුගේ අදහස් ජනතාව වෙත ගෙන යෑමට වෙනම සමාජ මාධ්‍ය ජාලයක් ද පිහිටුවා ඇත.
ට්‍රම්ප් ව්‍යාපාරිකයකු වන අතර, ඔහු ඉලොන් මස්ක්ගේ මිතුරකු ද වෙයි. 'ටෙස්ලා', 'ස්පේස් එක්ස්' වැනි සමාගම්වල හිමිකරු ද වන බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්, ට්විටර් සමාගම මිලදී ගත්තේ ඇමෙරිකන් ඩොලර් බිලියන 44 ක මුදලකටය. එම අවස්ථාවේදී ද බොහෝ දෙනා පැවැසුවේ, මස්ක් හිටපු ජනාධිපති ට්‍රම්ප්ට යළි 'ටිවිටර්' භාවිතයට ඉඩ සලසා දෙනු ඇති බවය.
(රොයිටර්)