පිලිපීනයට කැලැඹූ ට්‍රැමී නමැති ප්රචණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් 130 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
සුළි කුණාටුව සමඟ ඇද හැලුණු මහ වැසි නිසා ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බවත්, නායයෑම් වාර්තා වූ බවත් පැවැසෙයි. සුළි කුණාටුවට හසුවී අතුරුදන් ගණන 41 කි.
සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් ගැන කම්පා වෙමින් පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස් බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ අවශ්‍ය සහන සේවා කටයුතු කඩිනමින් සිදු කරන ලෙසටය.
(සී.එන්.එන්.)