'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස අවදානම අඩුවීමත් සමඟ ඉන්දීය සෞඛ්‍ය අංශ සකස් කළ නව මාර්ගෝපදේශ අනුව, අග්‍රා හි පිහිටි ටාජ් මහල ද දේශීය සංචාරකයන් සඳහා විවෘත කර තිබේ.
ලෝකයේ නව පුදුම 7 අතරින් ද එකක් වන ටාජ් මහල කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණේ පසුගිය අප්‍රේල් මාසයේය.
සෞඛ්‍ය අංශ සකස් කළ මාර්ගෝපදේශ අනුව, වරකට ටාජ් මහල නැරැඹීමට ඇතුළට යාමට අවසර ලැබෙන්නේ 650 ක සංචාරකයන් පිරිසකට පමණි.
සාමාන්‍යයෙන්, ටාජ් මහල නැරඹීමට වසරකට පැමිණෙන සංචාරකයන් ගණන මිලියන 7 ක් බවත්, දිනකට 20,000 කට වැඩි පිරිසක් පැමිණෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.
නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)