ටැන්සානියා ජනපති ධුරය පළමු වරට කාන්තාවකට


ටැන්සානියා ජනාධිපති ජෝන් මගෆුලීගේ අභාවයෙන් පසු, එරට ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ උප ජනාධිපතිවරිය ලෙස එම ධුරය හෙබවූ සමීයා සුලූහු හසාන් ය.

ඒ අනුව, ටැන්සානියාවේ ජනපති ධුරයට පත්වුණු පළමු කාන්තාව වන්නේ මැයයි.

ටැන්සානියාවේ ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයාගේ අභාවය සිදුවුවහොත්, උප ජනාධිපති ට ජනාධිපති ධුරය හිමිවෙයි. 61 හැවිරිදි සමීයා සුලූහු හසාන්ගේ දිවුරුම් දීම සිදුවූයේ ඒ අනුවය.

(රොයිටර්)