ටැන්සානියා ජනාධිපති ජෝන් මැගුෆුලී ට ‘කොවිඩ් 19’ ආසාදිනය වී ඇති බවත්, අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන ඔහු වැඩි දුර ප්‍රතිකාර සඳහා ඉන්දියාවට ගෙන ගොස් ඇති බවත් වාර්තා වේ.
වයිරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත් 61 හැවිරිදි ජනාධිපතිවරයා සිහිසුන් තත්ත්වයකට පත්ව ඇතැයි ද පැවැසෙයි. ඔහු පළමුවෙන් කෙන්යාවේ රෝහලකටත් පසුව ඉන්දියාවේ රෝහලකටයත් මාරු කළ බව පවසා ඇත්තේ ටැන්සානියා විපක්ෂ නායක තුන්ඩු ලිසූ ය.
විපක්ෂ නායක තුන්ඩු ලිසූ මාධ්‍ය හමුවේ මේ බව පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකරය. 61 ක් හැවිරිදි, ජෝන් මැගුෆුලී සම්බන්ධයෙන් හෝ ඔහුගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් හෝ රජය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.
ටැන්සානියා ජනාධිපති ජෝන් මැගුෆුලී, ‘කොවිඩ් 19’ වයිරසය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ අයෙකි. ඔහු ජනතාව අතරට ගියේ ද මුහුණු ආවරණ ගැන කිසිදු තැනීමක් නොකරමින්ය.
(රොයිටර්)