ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට


නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක් වාර්තා වන බව එරට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

ජගත් කාලගුණ විද්‍යාඥයන්ය අනුව, ටැන්සානියාව මෙසේ අයහපත් කාලගුණයකින් බැට කන්නේ ‘එල් නීනෝ’ නමැති විපරිත කාලගුණ පෙරැළි නිසාය. අයහපත් කාලගුණය හේතුවෙන් ලක්ෂ දෙකකට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමිවී ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි. හානියට පත්වුණු නිවාස ගණන 51,000 කි.

ඉදිරි මාසයක කාලය පුරාවට මහ වැසි ඇද හැලෙනු ඇතැයි කාලගුණ විද්‍යාඥයන් අනාවැකි පළ කර තිබේ. අවදාම් ප්‍රදේශවලින් වහා ඉවත් වන්නැයි ගම් වැසියන්ට අනතුරු ඇඟවීම් කර ඇතැයි ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)