ටෙල් අවීව් නුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්


ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් එක් ඊශ්‍රායල වැසියකු මියගිය බවත් 10 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. 

මෙම ඩ්‍රෝන ප්‍රහාරයේ වගකීම යේමනයේ ක්‍රියාත්මක හවුති සටන්කාමීන් බාරගෙන තිබේ. යේමනයේ හවුති සටන්කාමීන් යනු ඉරානයේ අවි ආයුධවලින් සන්නද්ධ වූ සටන්කාමී සංවිධානයකි.

හවුති සටන්කාමීන් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇත්තේ ගාසා තීරයේ පලස්තීනුවන් ඊශ්‍රායලයට දිගින් දිගටම පහර දීම සැලකිල්ලට ගනිමින් ඊට විරෝධය පළ කරමින්, මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළ බවය.

(ඒ.එෆ්.පී.)