මුළු ලොවක් ආදරයක් කළ බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය විසින් මීට වසර 40 කට පෙර සැරසී සිටි ඇයගේ මංගල ඇඳුම කෙන්සිංටන් මාළිගයේදී මහජනතාවට ප්‍රදර්ශනය කරන බව ගාඩියන් පුවත්පත වාර්තා කර ඇත.
මෙම ප්‍රදර්ශනය ඉකුත් 03 වැනිදා සිට 2022 ජනවාරි මුල දක්වා පැවැත්වෙන බවද ඒහි සදහන් වේ.
ඩයනා කුමරියට වයස අවුරුදු 60ක් සපිරීමට මාසයකට පෙර කේම්බ්‍රිජ් හා සසෙක්ස් ආදිපාදවරියන් විසින් මෙම ඇඳුම කුලියට දී ඇති බවද ගාඩියන් වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
මෙම මංගල ඇඳුම ඩේවිඩ් සහ එලිසබෙත් එමානුවෙල් විසින් 1981 වසරේ ජුලි මාසයේදී නිර්මාණය කළ මෙම ගවුම අඩි 25 (මීටර් 7.6) කින් පමණ යුක්ත වේ. 1980 දශකයේ මුල් භාගයේ විලාසිතාවන්ට අනුව එය පුම්බන ලද බාහු (Large Puffed) සහිත අත්වලින් සහ සමනල ගැට (Bows) සහිතව නිමකර ඇත.
ප්‍රදර්ශනයේ සංවිධායකයින් පවසන්නේ, මෙම රාජකීය විලාසිතාව දැන් වනවිට මංගල ක්ෂෙත්‍රයේ ඉතාමත් ජනප්‍රිය විලාසිතාවක් බවට පත්ව ඇති බවය.මෙම ඇඳුමට මුලින් මේරි රැජිණට අයිති පෞරාණික කැරික්මැක්‍රොස් ලේස් පැනල්වලින් ආවරණය කර තිබේ.
මේ අතර විලියම් කුමරු සහ හැරී කුමරු ඔවුන්ගේ මංගල දිනයේ පිටව යන (Going – away dress) අවස්ථාව සැරසී සිටි ඇඳුම්ද ප්‍රදර්ශනයට තබා තිබේ.
ගාඩියන් ඇසුරෙනි.