ඩිමොක්‍රටික් පක්ෂයේ බෙදීමක්


ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් සම්බන්ධයෙන්, එරට පාලක ඩිමොක්‍රටික් පක්ෂයේ බෙදීමක් හටගෙන ඇත.

ඒ, එලැඹෙන ජනාධිපතිවරණයේ බයිඩන් ඩිමොක්‍රටික් අපේක්ෂකයා විය යුතු බව පවසමින් සහ බයිඩන් වෙනුවට වෙනත් ජනපති ධුර අපේක්ෂකයකු අවශ්‍ය බව පවසමින් වාද විවාද කර ගැනීමත් සමගය.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පවසා ඇත්තේ තමන් කිසිම අවස්ථාවක ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් නොවන බවත්, තමන්ට ප්‍රතිවාදී අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමට හැකි බවත්ය.

බයිඩන් 81 හැවිරිදි වියෙහි පසුවන අතර, ඔහුට අවාසියක් වී ඇත්තේ ඔහුගේ වයසය.

පාලක ඩිමොක්‍රටික් පක්ෂයේ සියයට 80 ක පිරිසක් පවසා ඇත්තේ බයිඩන් වෙනුවට වෙනත් තරුණ අපේක්ෂකයකු ඉදිරිපත් කළොත්, පක්ෂයේ ජය තහවුරු වනු ඇති බවය.

 (ඒ.එෆ්.පී.)