ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට තනිවම ගුවන් ගමන් තහනම් බවත්, ඔවුන් සමඟ ඔවුන්ගේ සැමියා හෝ පවුලේ ඥාති පිරිමියකු හෝ සැමවිටම සිටිය යුතු බවත් තලේබාන් රජය නියෝග කර තිබේ.
ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගෙන සිටින තලේබාන් සංවිධානය මෙසේ නියෝග කර ඇත්තේ ඔවුන්ගේ දළදඩු ෂරියා නීතියට අනුවය.
මේ අතර බාලිකා අධ්‍යාපනයට ද තලේබාන්වරුන් තහංචි පනවා ඇත. ඇෆ්ගනිස්තානයේ ද්විතීක බාලිකා පාසල් පසුගිය දා යළි විවෘත කිරීමට තලේබාන්වරුන් පියවර ගත් නමුත් එය පැය කීපයකට පමණක් සීමා වූ බව පැවැසිණි.
ඒ දැඩි අන්තවාදී තලේබාන් සාමාජිකයන් බාලිකා පාසල් වසා දමන්නැයි යළිත් වරක් නියෝග කිරීමත් සමඟය.
(රොයිටර්)