දෙමළ සිනමාවේ ජනප්‍රිය නළු තලපති විජේ, රංගනයට සමු දී, නව දේශපාලන පක්ෂයකින් දේශපාලනයට පිවිසීමට සූදානම් වන බව, ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මාධ්‍ය මෙසේ වාර්තා කළත්, විජේ මේ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත. විජය නළුවා දෙමළ සිනමාවේ ප්‍රමුඛ පෙළේ නළුවෙකි. ඔහුගේ නවතම චිත්‍රපටය වන්නේ ‘ලියෝ’ ය.
ඇතැම් මාධ්‍ය පවසා ඇත්තේ 49 හැවිරිදි විජේ සැප්තැම්බර් 17 වැනිදා දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට නියමිත බවය.