තලේබාන් ත්‍රස්තයන්ට එරෙහිව සටන් වදිනවා


ප්‍රචණ්ඩ ක්‍රියා කරමින්, ඇෆ්ගනිස්තානයේ ප්‍රාන්ත තිස් හතරෙන් 18 ක් මුළුමනින්ම සිය ග්‍රහණයට නතුකරගෙන සිටින තලේබාන් ත්‍රස්තවාදීන්ට එරෙහි ප්‍රතිප්‍රහාර ආරම්භ කරන බවටත්, ඇෆ්ගන් සිවිල් වැසියන් ආරක්ෂා කර ගන්නා බවටත් ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී ප්‍රතිඥා දුන්නේය.

ඇෆ්ගන් ජනාධිපතිවරයා මෙසේ ප්‍රතිඥා දුන්නේ, ජාතිය අමතමිනි. තලේබාන් ත්‍රස්තවාදීන්ගෙන් ඇෆ්ගන් වැසියන් ආරක්ෂා කරන බවත්, ත්‍රස්තයන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පලා යමින් සිටින වැසියන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට පියවර ගන්නා බවත් ඇෆ්ගන් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

(අල් ජසීරා)