ජාත්‍යන්තරයේ පිළිගැනීම ලබාගැනීමට පෙර තලේබාන් සංවිධානය රට සුජාතභාවය සහ නිත්‍යනුකූලභාවය ඇති කරගත යුතු යැයි ද ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි ඉකුත් දා පැවැසීය.
‘වොයිස් ඔෆ් ඇමෙරිකා’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපතිවරයා ඒ බව පවසා ඇත.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය තුළ පිළිගැනීමට ලක්වීමත් රට තුළ සිය සුජාතභාවය සහ නීත්‍යනුකූලභාවය ඇති කරගැනීමටත් මැතිවරණයක් පැවැත්විය යුතු බවත් එසේ නැතිනම් නෛතික මන්ත්‍රණ සභාවක් වන ‘ලෝයා ජිර්ගාවේ’ බලය තහවුරු කරගත යුතු බවත් හෙතෙම කීය.
රටේ පාලනය පවත්වාගෙන යෑමට නම් ඇෆ්ගනිස්තානයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ද ඔහු කීවේ ය.
“ජාතික වශයෙන් සුජාතභාවය සහ නීත්‍යනුකූල පිළිගැනීම මෙන්ම ජාත්‍යන්තරයේ පිළිගැනීම ඉතාම වැදගත්. ඒ නිසා ඒ සඳහා පියවර ගන්න අවශ්‍ය යි. මුලින්ම කළ යුත්තේ රට තුළ සුජාතභාවය සහ නීත්‍යනුකූල පිළිගැනීම ඇති කරගැනීම. ඒ සඳහා මැතිවරණයක් පැවැත්විය යුතු යි. නැතිනම් ලෝයා ජිර්ගාව කැඳවන්න අවශ්‍ය” යැයි ද ඔහු තවදුරටත් පැවැසීය.
(ඒ.එන්.අයි.)