වාර්ෂිකව පැවැත්වෙන තලෙබාන් සාම සමුළුව, නෝර්වේ රාජ්‍යයේ දී ආරම්භ වූ අතර, සමුළුවට සහභාගී වීමට තලේබාන් රජයේ නියෝජිත කණ්ඩායමක් නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරට පැමිණි බව නෝර්වේ විදේශ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජයක් පිහිටුවීම සිදුවූයේ 2021 වසරේ, ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසුවය. තලේබාන් රජය ඔවුන් ආවේණික වූ ෂරියා නීතිය ක්‍රියාවට නංවා ඇත. ඒ අනුව, බාලිකා අධ්‍යාපනය තහනම්ය. කාන්තාවන්ට රැකියාවල නියැලීම තහනම්ය.
නෝර්වේ සමුළුවේදී ඇෆ්ගන් බාලිකාවන්ට සහ කාන්තාවන්ට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් අවධානය යොමු වනු ඇතැයි ද පැවැසෙයි. තලේබාන් සමුළුවට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල නියෝජිතයෝ ද සහභාගී වෙති.