ඇෆ්ගන් මාධ්‍යවේදීන් දෙදෙනකු තලේබාන්වරුන්ගේ අමානුෂික ලෙස පහර දී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. පහර කෑමට ලක් වුණු මාධ්‍යවේදීන් දෙදෙනා තුවාල ලබා සිටින අයුරු දැක්වෙන ඡායාරූප පවා විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ.
පහර කෑමට ලක් වූයේ ඇෆ්ගන් පුවත්පතක වාර්තාකරුවකු ලෙස කටයුතු කරන මාධ්‍යවේදියකු සහ ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පතට සේවය කරන ඇෆ්ගන් ජාතික මාධ්‍යවේදියෙකි.
පසුගිය දා කාන්තා අයිතීන් සුරකින්නැයි තලේබාන් සංවිධානයට බලකරමින්, කාබුල් අගනුවර සමාජ ක්‍රියාකාරීනියන් පිරිසක් විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි.
තලේබාන්වරුන් මාධ්‍යවේදීන් දෙදෙනාට අමානුෂික ලෙස පහර දී ඇත්තේ එම පා ගමනට අදාල ප්‍රවෘත්තිය වාර්තා කිරීමට ගිය අවස්ථාවේදීය.
එම අවස්ථාවේදී විරෝධතා පා ගමනට එක් වුණු ක්‍රියාකාරීන් ඇතුළු ඇෆ්ගන් කාන්තාවන්ට කඳුළු ගෑස් සහ ගම්මිරිස් ප්‍රහාර එල්ල කරමින් ඔවුන් විසුරුවා හැරීමට ද තලේබාන්වරු කටයුතු කළහ.
(රොයිටර්)