ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගත් තලේබාන් සටන්කාමීන්, ඇමෙරිකා සහ නේටෝ හිතවාදී ඇෆ්ගන් සිවිල් වැසියන් දඩයම් කිරීම ආරම්භ කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
තලේබාන්වරුන් ගෙයින් ගෙට යමින්, බටහිර හිතවාදී ඇෆ්ගන් වැසියන් සෙවීම මේ වනවිට ආරම්භ වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වී තිබේ.
ඇෆ්ගන් වැසියන්ට එල්ල වන තලේබාන් තර්ජන සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන ලබා දුන් තොරතුරු ඇතුළත් කරමින් මෙම වාර්තාව සකසා එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට බාර දී ඇත්තේ ගෝලීය දත්ත විශ්ලේෂණය පිළිබඳ නෝර්වීජියානු මාධ්‍ය ඒකකයයි.
(රොයිටර්)