තවත් අසැබි නිළියකට කරදරයක්


ජනප්‍රිය අසැබි නිළියක වන එමලි විලිස්, හිටිහැටියේ රෝගී වී සිහිසුන්ව කෝමා තත්ත්වයකින් පසුවන බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි. 

25 හැවිරිදි එමිලිගේ තත්ත්වය යහපත් නොවන බවත්, ඇය ගැන බලාපොරොත්තු තබා නොගන්නා ලෙස වෛද්‍යවරුන් තමන්ට දැනුම් දුන් බවත් එමලිගේ පවුලේ ඥාතීහු පවසති.

එමලි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තැනැත්තියක බවත්, පුණරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි බවත් පැවැසෙයි.

එමලි විල්ස් පසුගිය දා හෘදයාබාධයකට ලක් වූවාය. අසාධ්‍ය තත්ත්වයෙන් පසුවුණු එමලි කඩිනමින් රෝහල්ගත කෙරුණු අතර ඇය කෝමා තත්ත්වයට පත් වී ඇත්තේ ඉන්පසුවය.

(එන්.ඩී.ටීවී.)