තවත් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 20 ක් ලොව සෙසු රටවලට බෙදා දීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇතැයි ධවල මන්දිරය ඊයේ (18) නිවේදනය කළේය.
ඇමෙරිකා ජනාධිපති බයිඩන් මීට පෙර එන්නත් මාත්‍රා මිලියන 60 ක් සෙසු රටවලට බෙදා හැරීමට කටයුතු කළේය. ඒ අනුව ඇමෙරිකාව සෙසු රටවලට ලබා දෙන එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 80ක් යැයි විදෙස් පුවත් සේවා පවසයි.
අලුතින් බෙදා හැරීමට තීරණය කළ මිලියන 20 ඉදිරි සති 4 හෝ 6 ඇතුළත දී ඒවා අවශ්‍ය රටවලට ලැබෙනු ඇතැයි ද ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඇමෙරිකාව මෙසේ බෙදා දීම සිදු කරන්නේ එරටදී නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත්ය. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නතට ඇමෙරිකන් ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමි වී නැත. ඒ, රුධිර කැටි ගැසීම් ඇති වන එන්නතක් වන බැවිනි. බයිඩන් පරිපාලනය සෙසු රටවලට බෙදා දෙන්නේ මෙම ඇස්ට්‍රසෙනකා එන්නතය.
වොෂින්ටනයේදීය (රොයිටර්)