තවත් හමාස් නායකයෙක් ඝාතනය කෙරේ


ගාසා තීරයේ, ගාසා රෝහල තුළ පලස්තීන සිවිල් වැසියන් 1,000 ක පිරිසක් මිනිස් පළිහක් ලෙස රඳවාගෙන, ආරක්ෂිතව සැඟවී සිටි, හමාස් නායක අහ්මද් සියාද් ඝාතනය කිරීමට තම හමුදා සමත් වූ බව ඊශ්‍රායලය කියයි.

ඊශ්‍රායල හමුදා ගාසා රෝහලට ගුවනින් පමණක් නොව, ගොඩබිමින් ද ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ, මියගිය පිරිස අතරේ අහ්මද් සියාද් ද සිටි බව ඊශ්‍රායල හමුදාව වැඩි දුරටත් කියා සිටී.

මේ වනවිට ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් හමාස් සටන්කාමී නායකයන් බොහෝ දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද පැවැසෙයි.