ඇෆ්ගන් තලේබාන් නායකයන් සහ රුසියන් රජයේ නියෝජිතයන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, තලේබාන් නායකයන්, රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණි අවස්ථාවේදීය.
රුසියාව තලේබාන් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකයි. තලේබාන්වරුන් යළි ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගත්තේ 2021 වසරේ දී ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසුවය.
ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් මාධ්‍ය හමුවේ පැවැසුවේ, එම සාකච්ඡාවලින් පසු තලේබාන් සංවිධානය, තම ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බවය.
(ඒ.එෆ්.පී.)