නගර සහ පළාත් එකිනෙක අත්පත් කර ගන්නා තලේබාන් ත්‍රස්තවාදීන් මේ වනවිට ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර අද්දරට පැමිණ සිටින බවත්, ඔවුන් කාබුල්අගනුර අත්පත් කරගත්තොත් එය ඇෆ්ගන් රජයේ අවසානය බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මේ වනවිට තලේබාන් ත්‍රස්තයන්ට එරෙහිව ඇෆ්ගන් රජය මෙහෙයුම් ආරම්භ කර ඇති බවත්, දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් මෙයිඩාන් ෂාර් සහ මසාර් ඊ ෂාරීෆ් යන නගරවල හටගෙන තිබේ. මෙයිඩාන් ෂාර් ඇත්තේ කාබුල් අගනුවර සිට කිලෝ මීටර් 40 ක් දුරිනි.
ඇෆ්ගනිස්තානය තලේබාන් ග්‍රහණයට නතුවීමට තමන් කිසිසේත් ඉඩ නොදෙන බව ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී ප්‍රතිඥා දී ඇති අතර, මේ වනවිට ඔහු ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර මිතුරු රටවල් සමඟ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා ආරම්භ කර තිබේ.
(බීබීසී)