තායිලන්ත පාර්ලිමේන්තුව විසුරුවයි


මහ මැතිවරණයකට ඉඩ සලසා දෙමින්, තායිලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරට අග්‍රාමාත්‍ය ප්‍රායුත් චා ඕචා කටයුතු කළේය. මහ මැතිවරණය ලබන මැයි මාසයේ පැවැත් වීමට නියමිතය.

ප්‍රායුත් චා ඕචා තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2014 වසරේ හමුදාපති ලෙස කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගැනීමෙන් පසුවය. ඉන්පසු පැවැති මහ මැතිවරණවලට ඔහු පෙනී සිටියේ හමුදාවෙන් විශ්‍රාම ගොස් සිවිල් වැසියකු ලෙසය.

කෙසේ නමුත් මේ වනවිට ප්‍රායුත් චා ඕචා දැඩි ලෙස ජනතා අප්‍රසාදයට පත් වී සිටී. තායිලන්ත මැතිවරණ කොමිසම පවසා ඇත්තේ මැයි 7 වැනිදා හෝ 14 වැනිදා මැතිවරණය පැවැත්වෙනු ඇති බවය.

(රොයිටර්)