තායිවානයේ ප්‍රධාන විපක්ෂය වන ක්වාමින්ග්ටාන් පක්ෂය යෝජනා කළ නව කෙටුම්පතක් මුල් කරගෙන එරට පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය.
මතභේදයට තුඩු දී ඇති විපක්ෂයේ යෝජනා මගින් අධිකරණ පද්ධතියේ සංශෝධන මෙන්ම නුසුදුසු රජයේ නිලධාරීන් ධුරයෙන් පහ කිරීම සම්බන්ධ නව නීති හඳුන්වා දීමට විපක්ෂය උත්සහ ගත්තේය. මතභේදාත්මක තත්ත්වය ගුටි කෙළියක් තෙක් දුර දිග ගිය බව ද පැවැසෙයි.
පාලක ප්රජාතන්ත්රවාදී ප්රගතිශීලි පක්ෂය පැහැදිලි කළේ එම යෝජිත නීති එරට ව්‍යවස්ථාවට පටහැනි බවය. ඒ අනුව, පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයට ඇතුළු වීම වැළැක්වීමට ද විපක්ෂය කටයුතු කර තිබුණි.