තිර රචකයන්ගේ වැඩ වර්ජනය අවසන්


චිත්‍රාගාර ප්‍රධානීන් සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව, මාස 5 කට ආසන්න කාලයක් තිස්සේ පැවැති වැඩ වර්ජනය අවසන් කිරීමට හොලිවුඞ් තිරරචකයන්ගේ සංගමය තීරණය කළේය.

වැඩ වර්ජනය පැවැත්වූයේ සේවා සැපැයුමට ප්‍රමාණවත් වැටුප් ඉල්ලමින් සහ තිර පිටපත් රචනයේ දී කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන් යොදා ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමිණි.

හොලිවුඞ් නළු නිළියන්ගේ සහාය ද තිර රචකයන්ගේ මෙම වැඩ වර්ජනයට හිමි විය. වැඩ වර්ජනය ආරම්භ වූයේ පසුගිය මැයි 2 වැනිදාය.

වැඩ වර්ජනය හේතුවෙන් සිනමා නිර්මාණ රැසක වැඩ කටයුතු අඩ පණ වී ගියේය. කැලිෆෝනියා ආර්ථිකයට සිදුවුණු පාඩුව ඩොලර් බිලියන ගණනක් බව පැවැසෙයි.