තීරණයක් ගන්න ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි


උතුරු කොරියාව, හිතුවක්කාර අන්දමින්, දිගින් දිගටම සිදුකරන මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වී සාකච්ඡා පැවැත්වීය.

උතුරු කොරියාව පසුගිය දින කීපය පුරාවට දිගු දුර බැලැස්ටික් මිසයිල අත්හදා බැලුවේය. ඒ, අසල්වැසි දකුණු කොරියාවට මෙන්ම ජපානයට ද අනතුරක් වන ආකාරයටය.

පසුගිය සිකුරාදා (18) උතුරු කොරියාව කළ මිසයිල අත්හදා බැලීම ඇමෙරිකාවේ දැඩි විරෝධයට හේතුවක් විය. ඒ අනුව, උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් විය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් වන චීනයත් රුසියාවත් උතුරු කොරියාවට පක්ෂව කටයුතු කරද්දී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් වන ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය උතුරු කොරියාවට සිය විරෝධය පළ කරන්න විය.

ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන සෙසු සාමාජිකයන් වන ඉන්දියාව ඇතුළු තවත් රටවල් 14 ක් මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලය රැස්වුණු අවස්ථාවේදී උතුරු කොරියාවට සිය අප්‍රසාදය පළ කළේය.

(රොයිටර්)