![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_f08c8d09ab.jpg)
ඒජියන් මුහුදේ ඊයේ(30) ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබේ
තුර්කියේ බටහිර වෙරළබඩ ප්‍රදේශවල 25 දෙනකු මියගොස් ඇති අතර ග්‍රීක දූපතක් වන සමෝස්හි දෙදෙනකු මියගොස් ඇත.
තුර්කියේ ඉස්මිර් නගරයට භූ කම්පනයෙන් බරපතල හානි සිදුවූ අතර පසු කම්පන සිය ගණනක් ඇතිවූ හෙයින් මුදවා ගැනීමේ කටයුතු අසීරුවී තිබේ.
බලධාරීන් පවසන්නේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදුවන බවයි.සිදුවූ අනතුරු වලින් 804 දෙනකු තුවාල ලබා ඇත.
නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ ගවේෂණ කටයුතු සම්බන්දව තුර්කිය සහ ග්‍රීසිය ආරවුල් ඇතිකරගෙන තිබෙන නමුත් භූ කම්පනයෙන් පසු දෙරටේ නායකයින් දුරකථනයෙන් අදහස් හුවමාරු කරගෙන තිබේ
"අපේ රටවල් දෙකටම බලපෑ භූ කම්පනයෙන් සිදුවූ ඛේදජනක ජීවිත හානි වෙනුවෙන් ශෝකය පලකිරීම සඳහා මම තුර්කි ජනපතිවරයාට කථා කළා. අපගේ වෙනස්කම් කුමක් වුවත් මෙවැනි අවස්ථාවක අප එකට නැගී සිටිය යුතුයි." යනුවෙන් ග්‍රීක අගමැති කිරියාකොස් මිට්සෝටකිස් පැවසීය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)