තුර්කියට තවත් භූමි කම්පාවක්


රික්ටර් පරිමාණයේ ඒකක 5.3 ක් සටහන් කළ භූමි කම්පාවකින් තුර්කියේ නිග්දේ පළාත දෙදරා ගියේය. භූමි කම්පාවෙන් කිසිවකුටවත් අනතුරක් සිදු වී නැත.

මහා විනාශයක් සිදු කරමින් තුර්කිය සහ අසල්වැසි සිරියාව 7.8 ක ප්‍රබල භූමි කම්පාවකින් සහ පසු කම්පන 120 කින් කැලැඹී ගියේ පසුගිය 6 වැනිදාය. එම භූමි කම්පාවෙන් මියගිය ගණන මේ වනවිට 50,000 පසු කර තිබේ.

(රොයිටර්)