නැගෙනහිර තුර්කිය තවත් භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් ලෙස සටහන් විය. මෙම නව භූමි කම්පාවෙන් එක් අයකු ජීවිතක්ෂයට පත් වුණු බව තුර්කි මාධ්‍ය වාර්තා කළේය.
තුර්කිය පමණක් නොව අසල්වැසි සිරියාව ද ප්‍රබල භූමි කම්පා දෙකකින් කැලැඹී ගියේ පසුගිය පෙබරවාරි 6 වැනිදාය. ඉන්පසු පසුකම්පන 120 කට වඩා හටගත්තේය.
ඊයේ (27) හටගත් නව භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසක් ද බිමට සමතලා විය. එසේ බිමට සමතලා වූයේ පෙබරවාරි 6 වැනිදා භූමි කම්පාවෙන් දෙදරා ගිය නිවාස සහ ගොඩනැගිලි යැයි පැවැසෙයි.
(රොයිටර්)